“වෙව්ලන අතින් මාව බදාගෙන “මගේ දරුවාව අතුරුදහන් කළේ ඇයි?, මගෙ පුතාට මොකද වුණේ? ” කිව්ව වචනයේ බර මට තාම දැනෙනවා. මට කියාගන්න පුළුවන් වුණේ “අම්මේ… අම්මේ… අනේ අම්මේ අඬන්න එපා” කියන එක විතරයි. ඒ වෙලාවේ මම වැරදිකාරයෙක් වගේ මට දැනුණා. ඒ අම්මාගේ පුතාව අතුරුදහන් කරලා තියෙන්නේ හමුදාව. ඒ ගැන මෙච්චර කල් කතා නොකළ දකුණේ මමත් ඒ අම්මාගේ පුතාව අතුරුදහන් කිරීමට වගකියන්න ඕනේ වගේ හැඟීමක් මට දැනුණා.”

කාවින්ද – තණමල්විල

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ගැලරිය

මහේන්ද්‍රන් විජේකුමාරි රාසේන්ද්‍රකුලම්

පේර්ඉන්බරාසා පේරේශ්වරී ඊච්චම්කුලම්, වව්නියා

මනෝකෝවානන්දන් – උයිලාංකුලම්, මන්නාරම

බාලේන්ද්‍රන් ජෙයකුමාරි – කිලිනොච්චි