1w0a0159 50 1 50

හමුදාකරණය

උතුරු-නැගෙනහිර හමුදාකරණය එම ප්‍රදේශවල දේශපාලනය, ජීවනෝපාය සහ ආර්ථික වර්ධනය වැනි සිවිල් ජීවිතයේ සෑම අංශයකටම පැහැදිලි බලපෑම් කරයි.

සන්දර්භය

“ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම හමුදාකරණය වූ රටවලින් අතරින් එකකි. 2018 දී ලෝක බැංකුව ඇස්තමේන්තු කිරීමට අනුව ශ්‍රී ලංකාව තුළ සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන් ගණන 317,000 ක් වන අතර, එය එක්සත් රාජධානියේ නිත්‍ය හමුදාව මෙන් දෙගුණයකි. 2009 දී සිවිල් යුද්ධය අවසන් වුවද, අනුප්‍රාප්තික සෑම ආණ්ඩුවක්ම විසින් දිගින් දිගටම ආරක්ෂක වියදම් සඳහා රාජ්‍ය ආදායමෙන් වැඩිම කොටසක් වෙන් කරති.”

2023 වසරේ ආරක්ෂක කටයුතු සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල ශ්‍රී ලංකා රුපියල් බිලියන 539 කි. විශේෂයෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව ආරක්ෂාව සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන අති විශාලය. සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන ලද්දේ රුපියල් බිලියන 322ක් වන අතර, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කරන ලද්දේ රුපියල් බිලියන 232ක් පමණි.

ශ්‍රී ලංකා යුධ හමුදාවෙහි අණදෙන මූලස්ථාන 7 ක් තිබෙන අතර, ඉන් පහක්ම ස්ථාපිත කර ඇත්තේ උතුරු – නැගෙනහිර පළාත් තුළය. අඩයාලම් ප්‍රතිපත්ති පර්යේෂණ  මධ්‍යස්ථානය (ACPR) සහ People for Equality and Relief in Lanka (PEARL) විසින් 2017 දී කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ මුලතිව් හි ජීවත් වන සෑම සිවිල් වැසියන් දෙදෙනකු සඳහාම අවම වශයෙන් එක් හමුදා සොල්දාදුවෙක් බැගින් සිටින බවයි. 

උතුරු-නැගෙනහිර හමුදාකරණය එම ප්‍රදේශවල දේශපාලනය, ජීවනෝපාය සහ ආර්ථික වර්ධනය වැනි සිවිල් ජීවිතයේ සෑම අංශයකටම පැහැදිලි බලපෑම් කරයි. හමුදාව මුලතිව්හි විශාලතම සේවා යෝජකයන්ගෙන් එකකි. නිදසුනක් වශයෙන්, හමුදාව පෙර පාසල්, ගොවිපලවල්, හෝටල් ආදිය කළමනාකරණය කරයි. හමුදාව, පුද්ගලික ව්‍යාපාර හා තරගකාරී ව්‍යාපාර පවත්වාගෙන යනු ලබයි. 

යුද්ධයෙන් පසු, බෞද්ධයන් නොමැති ප්‍රදේශ ඇතුළුව උතුරු-නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව මූලික වී ඇත. තවද හමුදාව වෙනත් රාජ්‍ය ආයතන සමග එක්ව උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සාමාන්‍ය ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටියි.

හමුදාකරණය සහ ඒ සමඟ ඇති වන ප්‍රචණ්ඩත්වය සිවිල් ක්‍රියාකාරීත්වයට බලපෑම් කරයි. ජනතා විරෝධතා ආරක්ෂක අංශ සමීපව නිරීක්ෂණය කරයි. විශේෂයෙන්ම උතුරු-නැගෙනහිර ජන අරගලවල සංවිධායකයන්, නායකයන් සහ සහභාගිවන්නන් බොහෝ විට ආරක්ෂක අංශවල හිරිහැරවලට, බිය ගැන්වීම්වලට සහ නිරීක්ෂණයට ලක් වෙති.

ප්‍රදර්ශන ගැලරිය

නිශ්ශබ්දතා හරහා දෘශ්‍ය ගමනක් : ඡායාරූප ලේඛනාගාර UNCOVER 2024