Minuwangoda F of R

ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස

ඒ හරහා ඉස්ලාම් සහ ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ආගමික නිදහසට අති අයිතිය අතිශයින් කඩ වුවද, ඒ කිසිවක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු වූයේ හෝ වරදකරුවන් නීතිය හමුවට ගෙන ආවේ හෝ නැත.

සන්දර්භය

“ශ්‍රී ලංකාව බහු – ආගමික රටකි. නිදහසින් පසුව 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව් විසින් බුද්ධාමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ලදී. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනියි.  කෙසේ වෙතත්, ආගම මත වෙනස් කොට සැළකීමට ලක් වීම, ආගමික ස්ථානවලට පහර දීම, ආගමික හේතු මත ඇති වූ ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකා ඉතිහාසය පුරා දුලබ දෙයක් නොවීය. 2009 න් පසුව විශේෂයෙන්ම මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජා කණ්ඩායම් ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් සිදු විය. “

බොදු බල සේනා සහ සිංහල රාවය වැනි අන්තවාදී කණ්ඩායම් විසින් මුස්ලිම් ජනයාට එරෙහිව දරුණු ප්‍රචණ්ඩතා ව්‍යාප්ත කළහ. දර්ගා, දිගන, මිනුවන්ගොඩ ප්‍රදේශවල සිදු වූ විනාශ ඒවාට මහත් සාක්ෂි සපයයි. කෙසේ වෙතත් එම කිසිදු ප්‍රචණ්ඩත්වයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටු වී නැත.

මීට අමතරව ශ්‍රී ලංකා රජය විසින් කොවිඩ්-19න් මියගිය දේහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැණිව යමඉන් බලහත්කාරයෙන් ආදාහනය කරන ලදී. ඒ හරහා ඉස්ලාම් සහ ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ආගමික නිදහසට අති අයිතිය අතිශයින් කඩ වුවද, ඒ කිසිවක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු වූයේ හෝ වරදකරුවන් නීතිය හමුවට ගෙන ආවේ හෝ නැත.

සුළු ජන කණ්ඩායම් ආගම මත සිදු කරන වෙනස් කොට සැළකීම විවිධ මට්ටමෙන්, රාජ්‍ය හරහා ද සිදු කෙරේ. ආගමික සුළුතර කණ්ඩායම්වලට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවලදී රාජ්‍ය ආරක්ෂක අංශවල සහය ද ඒවාට හිමි වන බව බොහෝ අවස්ථාවල වාර්තා වී තිබේ. 

ආගම, පහසුවෙන් අවුලවාලිය හැකි ය. එහෙත් ඉන් ඇති වන කැළල් කිසිදා සුව කළ නොහැක.

ප්‍රදර්ශන ගැලරිය

නිශ්ශබ්දතා හරහා දෘශ්‍ය ගමනක් : ඡායාරූප ලේඛනාගාර UNCOVER 2024