UncoveR
සත්‍යය | යුක්තිය |ජීවිතය

කා බී මියෙන සෙනඟක් නොවෙනු පිණිසය
Act Now යනු ශ්‍රී ලංකාවේ යුක්තිය ඉදිරියට ගෙන යාමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවී සිටින තරුණ සාමූහිකයකි. අර්ථවත් වෙනසක් ආරම්භ වන්නේ දැනුවත් හා සහභාගී පුරවැසියන්ගෙන් බව විශ්වාස කරමින්, Act Now, සෑම තරාතිරමකම ජනතාවගේ හඬ අවදි කිරීමට සහ සියලු ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරයි.

මලෛයහ දෙමළ ජනයා
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් ශ්‍රී ලංකාවේ වැවිලිකරයේ සේවය කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් ජනයා රැගෙනවිත් 2023 ට වසර 200ක් සපිරිණි. 19 වන සියවසේ මුල් භාගයේ දී දකුණු ඉන්දියාවේ පැතිර ගිය සාගතය සහ දුක්ඛිත ජීවන තත්වය එම ජනයාට බ්‍රිතාන්‍ය විජිතවාදීන්ට අර්ධ වහල් කොන්දේසි යටතේ සේවය කිරීමට බල කරන ලදී.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්
1971 සහ 1987–1989 ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දුන් කැරලි දෙකේදී සහ දශක 3ක සිවිල් යුද්ධය තුළ ශ්‍රී ලංකාවේ ජනයා විශාල වශයෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලදී. මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති අතර, කොළඹ තදාසන්න ප්‍රදේශවලදී පැහැරගෙන යෑමෙන් අතුරුදහන් වූ තරුණයන් 11 දෙනාගේ සිද්ධිය (නේවි 11 නඩුව ලෙස හැඳින්වේ) වැනි අතුරුදහන්වීම් රැසක් දකුණේ ද සිදු විය.

බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම
හමුදාකරණය, ඉඩම් අත්පත් කරගැනීමේ නීතී, ආරක්ෂක අංශ, වනජීවි සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වැනි රාජ්‍ය ආයතන සිදු කරන ඉඩම් අත්පත් කරගැනීම්, අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති ආදී විවිධ හේතු මත ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉඩම් සඳහා තමන්ට ඇති අයිතිවාසිකම් භුක්ති විදීමට නොහැකිව තිබේ.

ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස
බොදු බල සේනා සහ සිංහල රාවය වැනි අන්තවාදී කණ්ඩායම් විසින් මුස්ලිම් ජනයාට එරෙහිව දරුණු ප්‍රචණ්ඩතා ව්‍යාප්ත කළහ. දර්ගා, දිගන, මිනුවන්ගොඩ ප්‍රදේශවල සිදු වූ විනාශ ඒවාට මහත් සාක්ෂි සපයයි. කෙසේ වෙතත් එම කිසිදු ප්‍රචණ්ඩත්වයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටු වී නැත.

හමුදාකරණය
ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම හමුදාකරණය වූ රටවලින් අතරින් එකකි. 2018 දී ලෝක බැංකුව ඇස්තමේන්තු කිරීමට අනුව ශ්‍රී ලංකාව තුළ සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන් ගණන 317,000 ක් වන අතර, එය එක්සත් රාජධානියේ නිත්‍ය හමුදාව මෙන් දෙගුණයකි. 2009 දී සිවිල් යුද්ධය අවසන් වුවද, අනුප්‍රාප්තික සෑම ආණ්ඩුවක්ම විසින් දිගින් දිගටම ආරක්ෂක වියදම් සඳහා රාජ්‍ය ආදායමෙන් වැඩිම කොටසක් වෙන් කරති.
” යුක්තිය කෙරෙහි අනුරාගයක් නැතිකම අපව පත්කොට ඇති තත්වය ඛේදනීයය. එහෙයින් Uncover සත්‍යත්, යුක්තියත්, ජීවිතයත් වෙනුවෙනි. “
ACT NOW 2024
