
බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම
විශේෂයෙන්ම කේපාපිලව්, වට්ටුවාක්කල්, අම්පාර, පානම ඇතුළුව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනයා මේ මොහොතේත් සිය ඉඩම් අයිතිය වෙනුවෙන් අනවරත අරගලවල නිරතව සිටිති.
සන්දර්භය
“භූමිය නැතහොත් ඉඩම යනු මානව හිමිකම් රැසක් භුක්ති විඳීමට සෘජුවම බලපාන කරුණකි. ඉඩම් හිමිකම, පුද්ගලයන්ගේ ජීවනෝපාය මාර්ගයක් සහ ආර්ථික අයිතිවාසිකම්වල පදනම ලෙස ද සැළකේ. එය ප්‍රජාවක අනන්‍යතාවය ප්‍රකට කරන භූමිකාව ද ඉටු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන්නේ ඉඩම්, සමාජ සංස්කෘතික අයිතීන් හා බැඳී ඇති බවයි.”
ඉඩම් යනු “මහපොළොවට සම්බන්ධිත දෑ හෝ මහපොළොවට සම්බන්ධිත ඕනෑම දෙයකට ස්ථිර වශයෙන්ම ඇඳී ඇති මෙන්ම ඉඩමකට ඇති ඕනෑම හිමිකමක් හෝ වවනු ලබන හෝ වැවීමට අපේක්ෂිත බෝගයන් කෙරේ දක්වන ඕනෑම ලැදියාවක්” ලෙස 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත දක්වයි.
ඉඩම් නීතිය සහ ප්‍රතිපත්තීන් ආහාර අයිතිය, සංස්කෘතිය, නිවාස ඉදිකිරීම්, ජලය, ශාරීරික හා මානසික සෞඛ්‍ය, රැකියා සහ ප්‍රමාණවත් ජීවන තත්වය කෙරෙහි සෘජුවම බලපාන අතර ඉඩම් භුක්තිය අහිමි වීම සහ අහිමි කරවීම ජීවනෝපායන් අහිමි වීම, සමාජ ආරක්ෂණය, පාරිසරික සාධාරණත්වය සහ අනන්‍යතාවයන් අහිමි වීමට ඍජුවම දායක වේ.
හමුදාකරණය, ඉඩම් අත්පත් කරගැනීමේ නීතී, ආරක්ෂක අංශ, වනජීවි සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වැනි රාජ්‍ය ආයතන සිදු කරන ඉඩම් අත්පත් කරගැනීම්, අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති ආදී විවිධ හේතු මත ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉඩම් සඳහා තමන්ට ඇති අයිතිවාසිකම් භුක්ති විදීමට නොහැකිව තිබේ.
උතුරු – නැගෙනහිර පළාත් තුළ ආරක්ෂක අංශ විසින් අත්පත් කරගත් ලද සාමාන්‍ය ජනයාගේ ඉඩම් බොහෝ ප්‍රමාණයක් තවමත් නිදහස් කර නැත. සිවිල් යුද්ධය නිම වී වසර 15 ක් ගත වුවද එහි ජනතාවට සිය පාරම්පරික ඉඩම් කරා යාමට අවසර නැත. විශේෂයෙන්ම කේපාපිලව්, වට්ටුවාක්කල්, අම්පාර, පානම ඇතුළුව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනයා මේ මොහොතේත් සිය ඉඩම් අයිතිය වෙනුවෙන් අනවරත අරගලවල නිරතව සිටිති.
නව එකතුවීම්
අප සමඟ එක්වන්න
ප්‍රදර්ශන ගැලරිය
නිශ්ශබ්දතා හරහා දෘශ්‍ය ගමනක් : ඡායාරූප ලේඛනාගාර UNCOVER 2024
