
සංචාරක ඡායාරූප කතා ප්රදර්ශනය
අපි ගැන
“යුක්තිය කෙරෙහි අනුරාගයක් නැතිකම අපව පත්කොට ඇති තත්වය ඛේදනීයය. එහෙයින් Uncover සත්යත්, යුක්තියත්, ජීවිතයත් වෙනුවෙනි.”
ACT NOW ගැන
Act Now යනු ශ්රී ලංකාවේ යුක්තිය ඉදිරියට ගෙන යාමට සහ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට කැපවී සිටින තරුණ සාමූහිකයකි. අර්ථවත් වෙනසක් ආරම්භ වන්නේ දැනුවත් හා සහභාගී පුරවැසියන්ගෙන් බව විශ්වාස කරමින්, Act Now, සෑම තරාතිරමකම ජනතාවගේ හඬ අවදි කිරීමට සහ සියලු ප්රජාවන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරයි.
අපගේ මෙහෙවර වන්නේ සෑම අන්දමකින්ම ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සහ සාමූහික ක්රියාකාරකම්, උද්දේශනය සහ සිවිල් සහභාගීත්වය තුළින් තීරණ ගැනීමේ ආයතනවලට බලපෑම් කිරීමයි. මානව හිමිකම්, යහපාලනය, ප්රජාතන්ත්රවාදය, යුක්තිය සහ සාමය පිළිබඳ දැනුම හා කුසලතාවන්ගෙන් බිම් මට්ටමේ තරුණ තරුණියන් බලමුලු ගැන්වීමෙන්, අයුක්තියට අභියෝග කිරීමට සහ වඩාත් සාධාරණ, සියලු දෙනා අන්තර්ග්රහණය කරගත් ප්රජාතන්ත්රවාදී ශ්රී ලංකාවක් හැඩගැස්වීමට සූදානම් ක්රියාශීලී පුරවැසි පරම්පරාවක් අපි පෝෂණය කරන්නෙමු.
Act Now යනු රටේ අනාගතය වෙනුවෙන් හඬ නැගීමට, සහභාගී වීමට සහ ක්රියා කිරීමට උනන්දු වන තරුණ තරුණියන් විසින් මෙහෙයවනු ලබන සමාජ ව්යාපාරයකි.
“මලෛයහ දෙමළ ජනයාගේ වහල් භාවය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු ව්යුහාත්මක උත්සහයක් ගැනීමට අපොහොසත් වීම ලැජ්ජාවට කරුණකි. “
33
ව්යාපෘති සම්පූර්ණ කරන ලදී
කා බී මියෙන සෙනඟක් නොවෙනු පිණිසය
අපි ජීවත් වෙන ශ්රී ලංකාව දකුණු ආසියාවේ පැරණිම ප්රජාතන්ත්රවාදී රටයි. එහෙත් සැබැවින්ම අපේ රට තුළ සිදුවුණේ, සිදු වෙමින් පවතින්නේ ‘ප්රජාතන්ත්රවාදය’ යන සංකල්පයට අනුගත සිදුවීම්ද ? මදක් නැවතී හොඳින් කල්පනා කරන්න. අයුක්තියම ජීවිතය වු මිනිසුන් කී දෙනෙක් ඔබ වටා සිටිනවාද ?
ශ්රී ලංකාව ලෝකයේ දෙවෙනියට වැඩිම බලහත්කාරී අතුරුදහන් කිරීම් වාර්තා වෙන රට බව ඔබ දන්නවාද? රටක ආදායමෙන් වැඩිම කොටසක් වෙන් කළ යුත්කේ අධ්යාපනයට හෝ සෞඛ්යයට වුවත්, අපි රටේ ආදායමෙන් වැඩිම කොටසක් වෙන් කරන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙනි. ලංකාවේ එක්තරා ප්රදේශයක් ලෝකයේ වැඩියෙන්ම මිලිටරීකරණයට ලක් කර ඇති ප්රදේශ අතරින් එකක් බවත් ඔබ දැන සිටියාද? ඔබ ජීවත් වෙන මේ රටේ දැනට සමූහ මිනීවළවල් 21ක් හමුවී තිබේ. ඒ කිසිවක් සම්බන්ධයෙන් කිසිදු සත්ය සෙවීමේ යාන්ත්රණයක් මේ වෙනතුරු පිහිටුවා නැති වීම සම්බන්ධයෙන් අපිට වරදකාරී බවක් දැනෙන්නේ නැතිද?
ශ්රී ලංකාව සාමාන්ය ජනතාවගේ ඉඩම් විශාල ප්රමාණයක් බලහත්කාරයෙන් උදුරාගෙන සිටියි. අපේ රටේ වැඩිම විදේශ විනිමයක් උපයන ජනයා තවමත් වහල් සේවා කොන්දේසි යටතේ සිටීම ඔබ අනුමත කරනවද? කලින් කලට පුපුරා යන පීඩිත සහ කණ්ඩායම්වලට එරෙහි ප්රචණ්ඩත්වයන්ට ලැබෙන එකම ප්රතිචාරය දණ්ඩ මුක්තිය පමණක් නොවේද ? දශක ගණනක් තිස්සේ ජන අරගලද ජනමාධ්යවේදීන්ද සමාජ ක්රියාකාරීන්ද අපරාධකාරීව සේම ව්යවස්ථානුකූලව සම්මත කළ නීති මඟින්ද දඩයම් කළ බව ඔබ දන්නවද?
එහෙත් මේ බරපතල ප්රජාතන්ත්රවිරෝධී තත්ව අපේ සමාජ දේශපාලන ජීවිත අර්බුදයට යවා, අපේ ජීවිතවල සැප පහසු කලාප අතික්රමණය කරන හෙයින් ඒවා ගැන කතා නොකර සිටීමට අපි සාමූහිකව එකඟ වී ඇත්තෙමු. එහෙයින් යුක්තිය කෙරෙහි අනවරත අරගල තුළ එම වින්දිතයන්, ඔවුන්ගේ පවුල්, එම වින්දිත සමාජ හුදෙකලා වී ඇත. එහෙත් කිසියම් දිනක මේ මහා ප්රචණ්ඩකාරී අයුක්ති සහගත ඉතිහාසය අප මතද කඩා වැටෙන බවට මෑත කාලීන නිදසුන් ඕනෑ තරම් පෙන්වා දිය හැක.
එබැවින් අයුක්තිය කෙරෙහි ඇස් කන් වසාගෙන සිටීම එය අප ගොදුරු කරගන්නා දිනය තෙක් බලා සිටීමක් පමණි.
ශ්රී ලංකාව තුළ සිදු වූ සහ සිදුවෙමින් පවතින විවිධ අයුක්තීන්හි වින්දිතයන්ගේ අත්දැකීම් ජනසමාජය වෙත රැගෙන ගොස් සහානුකම්පාවක් ඇති කිරීම පමණක් යුක්තිය කෙරෙහි දායක නොවනු ඇත. මේ ඡායාරූප සහ කතාන්දර අබිමුව, අපි ජීවත් වන්නේ ලෙයින් කඳුලින් පෙඟී ගිය රටක බවට වන යථාර්ථය ඔබට සම්මුඛ වනු ඇත. ඔබට මිදී පැන යා නොහැකි ඒ ගැඹුරු මොහොතේදී යුක්තිය කෙරෙහි වන වින්දිතයන්ගේ ගමනට ඔබ සහෝදරාත්මක සහය පළ කරනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු දල්වා ගනු ඇත. කනබොන සෙනඟක් වී මියයනු වෙනුවට, අප වටා ඇති සියලු ඉඩකඩ යුක්තිය ලබා ගැනීම උදෙසා යොදාගත යුතු යැයි අපි තරයේ විශ්වාස කරමු.
“යුක්තිය කෙරෙහි අනුරාගයක් නැතිකම අපව පත්කොට ඇති තත්වය ඛේදනීයය. එහෙයින් Uncover සත්යත්, යුක්තියත්, ජීවිතයත් වෙනුවෙනි.”
Act Now _ 2024
යුක්තිය, ලෙන්සය හරහා දැකගන්න








