අපේ ප්‍රදේශවල හමුදාව අපේ එදිනෙදා ජිවිතයට, ව්‍යාපාරවලට ලොකු බලපෑමක් කරනවා. එයාලා කිසිම අංශයක් අත්හැරලා නැහැ. කොණ්ඩය කපන සැලුන් පවා පවත්වාගෙන යනවා. හෝටල්, ලොකු කෑම කඩ ඉඳලා පොඩි කූල්ස්පොට් දක්වා හමුදාව පවත්වාගෙන යනවා. මේකෙන් ව්‍යාපාරිකයන්ගේ ඉඳලා ස්වයංරැකියාවක් විදියට කෑම හදන අය දක්වා බලපෑමට ලක්වෙනවා. මේ හෝටල් ප්‍රාදේශීය සභාවල, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවන්ට ලක් වෙන්නේ නැහැ.
ගොවියෝ ගොවිතැන් කරන්නේ ණය වෙලා. වැඩ කුලී දෙන්න ඕනේ. ඒත් හමුදාවට එහෙම වියදමක් යන්නේ නැහැ. ඒ නිසා එයාලාගේ නිෂ්පාදන අඩු මිලකට දෙන්න පුළුවන්. සාමාන්‍ය ගොවීන්ට ඒ මිලට තමන්ගේ නිෂ්පාදන දෙන්න බැහැ. හමුදාව බ්ලොක් ගල් ව්‍යාපාරත් කරනවා. සාමාන්‍යයෙන් වැලි ප්‍රවාහන කරන්න බලපත්‍ර ගන්න ඕනනේ. හමුදාව එහෙම අවසර බලපත්‍ර අරගෙන නැහැ. මේවා නියාමනයක් වෙන්නේ නැති නිසා පරිසරයට වෙන හානීයත් වැඩී. හමුදාව බලහත්කාරයෙන් අපේ වැව්වල මාලු අල්ලන් යනවා. ආයුධ තියාගෙන ඉන්න හමුදාවට විරුද්ධ වෙන්නේ කොහොමද සාමාන්‍ය මිනිස්සු?
හමුදාව මිනිස්සුන්ගේ ඉඩම් බලෙන් අල්ලගෙන මහා පරිමාණෙන් වගා කරනවා. ඉඩම් ආයේ ගන්න අපි අරගල කරන එකට රජයෙන්, බුද්ධි අංශයෙන් බලපෑම් එල්ල කරනවා. සමහර ඉඩම්වල අයිතිකාරයෝ ඉන්නේ සරණාගතයන් විදියට. අනික් අතට ගොඩක් මිනිස්සුන්ගේ ඉඩම් ඔප්පු යුද්ධයෙන් විනාශ වුණා. ඒවා ආයේ හදා ගන්න එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා.
මුලතිව්වල හමුදාව ගොඩක් ඉන්නවා. හමුදාව හැමවෙලේම මිනිස්සු ගැන ඇහැ ගහගෙන ඉන්නේ. ඒ නිසා මිනිස්සු ජීවත් වෙන්නේ බයෙන්. ප්රජාතන්ත්රවාදී රටක මෙහෙම එක පිරිසක් බලය අයුතු විදියට භුක්ති විඳගෙන රටේ නීති රෙගුලාසිවලට පිටින් අත්තනෝමතික විදියට කටයුතු කරගෙන යන එක සාධාරණ ද?
ගජේන්ද්‍රන්
මාන්කුලම්
