මේ පැත්තේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙළඳාම් කරන්න ඉඩක් නෑ හමුදාව නිසා – බාස්කරන් පාර්වතී

Baskaran parvathy

මන්නාරමේ ජීවත් වෙන කාන්තාවෝ විදියට අපි නිතරම  හමුදාවේ පරීක්ෂා කිරීම්වලට ලක් වෙනවා. අපේ බෑග් ඇතුළේ සමහර වෙලාවට සනීපාරක්ෂක තුවා තියෙනවා. කඩලා නැති අලුත් පැකට් තිබුණත් හමුදාවෙන් පැකට් එක කඩලා පෙන්නන්න කියනවා. ඉතාම පහත් විදියට විහිළු කරමින් අපිව අපහසුතාවයට පත් කරනවා. 
මගේ මහත්තයා ධීවරයෙක්. එයාලාට මුහුදු යන්න අවසර දුන්නෙ නැති දවසක ඒ ඇයි කියලා අහන්න මම නාවික හමුදා කඳවුරට ගියා. එතකොට හමුදා නිලධාරීන් මට බැන්නා මේ අපේ ජනාධිපති, මේ අපේ රට, අපිට ඕනෙ නම් විතරයි උඹලට මුහුදු යන්න දෙන්නේ කියලා. 
මම ගෙවතු වගාව කරලා තමයි ආදායමක් උපයන්නේ. දවසක් නාවික හමුදා කඳවුරෙන් ඇවිත් මම විකුණන්න තියෙන එළවළු සේරම දෙන්න කිව්වා. මම කිව්වා මම ඒවා විකුණලයි ජීවත් වෙන්නේ, නිකන් දෙන්න බැහැ කියලා. එතකොට ඔවුන් කිව්වා  මින් පස්සේ උඹට වෙළඳාම් කරන්න දෙන්නෙ නෑ කියලා. හන්දියක් හන්දියක් ගාණේ නාවික හමුදාවට අයිති බාබර් සාප්පු, රෙදි කඩ, එළවළු කඩ, ආපනශාලා වගේ හැම දෙයක්ම තියෙනවා. මේ පැත්තේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙළඳාම් කරන්න ඉඩක් නෑ හමුදාව නිසා.
 
බාස්කරන් පාර්වතී 
මන්නාරම

 

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *