දරුවන් හතර දෙනෙක් එක්ක මම තනිවෙන කොට වැඩිමල් දරුවාට වයස අවුරුදු 13 ක්. මුල් කාලයේ මම දරුවෝ එක්ක මහමඟ ජීවත් වුණා. පස්සේ පොඩි පැල්පතක් හදාගත්තා. මම ජීවිකාව ගෙනියන්නේ ඉස්සෝයි මුහුදු කූඩැල්ලෝයි අල්ලලා. මේ ප්රදේශයේ වැන්දඹු පවුල්වල ගෘහ මූලික කාන්තාවෝ ගොඩක් දෙනෙක්ගේ රස්සාව මේක.
අපේ ගමේ තියෙන නාවිකා හමුදා කඳවුරේ අවසරයක් නැතුව අපිට මුහුදු යන්න බැහැ. රෑට තමයි මුහුදු කූඩැල්ලෝ අහුවෙන්නේ. ඒ වෙලාවට නාවික හමුදාව අපිට යන්න දෙන්නෙ නැහැ. හමුදා කඳවුර අවට භූමිය සුද්ධ කරලා දුන්නොත් තමයි මුහුදු යන්න දෙන්නේ. එයාලාට නොදන්වා මුහුදු ගිහින් ආවා කියලා ආරංචි වුණොත් කොපි පොත්, පිහි, වීදුරු, විදුලි පන්දම් අරන් දෙන්න කියලා අපිට බල කරනවා. මුහුදු රස්සාවෙන් තමයි අපි ජීවිකාව ගෙනියන්නේ. හමුදාවේ මේ වගේ බාධා කිරීම් නිසා අපිට අපේ ජීවිකාව ගෙනියන්න බැහැ.
රෝස්මේරි
මන්නාරම
