“
“ඔබ කෙතරම් වාසනාවන්තද? බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී ආගම් කිහිපයකගේම පෝෂණය ලබන රටක ජීවත්වීමට ලැබීම. ඔබ තවමත් ගරු කරන්නේ ඔබේ ආගමට පමණක් නම් ඔබ කෙතරම් අවාසනාවන්තද? වෙනත් කෙනෙක්ගේ ආගමක් හෝ විශ්වාසයක් ඇදහීමට තියෙන නිදහසට අපහාස කරන්න අපිට අයිතියක් තියෙනවාද? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව “කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.”. අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ වෙමු. එහෙයින්, සියලු ජාතීන් හට “නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ” විය යුතුය.”
