2014 ජුනි මාසයේදී ශ්රී ලංකාවේ අලුත්ගම, දර්ගා නගරය, වැලිපන්න සහ බේරුවල යන දකුණේ නගරවල මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්රියා ඇවිලී ගියේය. බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්රධානත්වයෙන් විශාල ජන හමුවක් පැවැත්විණි. ඔහුගේ ජාතිවාදී සහ ප්රකෝපකාරී ප්රකාශ මුස්ලිම්වරුන්ට එරෙහි ප්රචණ්ඩත්වය දිරිමත් කළේය. එදින සවස මුස්ලිම්වරුන්ට එරෙහි ප්රචණ්ඩත්වය ඇවිලී ගිය අතර පොලිස් ඇඳිරි නීතිය පනවා තිබියදීත් දින දෙකක් පුරා එම ප්රචණ්ඩ ක්රියා පැවතිණි. මේ කාලය තුළ මුස්ලිම් ජනතාවගේ නිවාස හා ව්යාපාරික ස්ථාන කොල්ලකා, ගිනි තබා විනාශ කරන ලදී.
මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු නොකළ අතර අද දක්වා යුක්තිය ඉටු වී නොමැත.
දර්ගා නගරය





