මෙම මුස්ලිම් විරෝධී ප්රචණ්ඩත්වය හේතුවෙන් වූ ජීවිත හා දේපළ හානි සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුවී නොමැත – මිනුවන්ගොඩ
2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මීගමුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල මුස්ලිම් – විරෝධී ප්‍රචණ්ඩතා පැතිර යන ලදී. එහිදී මිනුවන්ගොඩ මුස්ලිම් ජනයාට අයත් කඩසාප්පුවලට පහර දී, කොල්ල කා, ගිනි තබන ලදී. ප්‍රහාරවලින් මුස්ලිම් ජනයා කිහිප දෙනෙක් ඝාතනය වූ අතර, බොහෝ දෙනෙකුට තුවාල සිදු විය. එසේම ප්‍රචන්ඩකාරී සිංහල කණ්ඩායම් විසින් මුස්ලිම් දේවස්ථානවලටද…
