2018 පෙබරවාරි 26 වැනිදා අම්පාර ප්‍රදේශයේ මුස්ලිම් ජනයාට අයත් ආහාර අලෙවි සැලක ආහාරවලට සිංහල බෞද්ධ පාරිභෝගිකයන් ඉලක්ක කර ගත් වඳ පෙති මිශ්‍ර කර ඇති බවට අසත්‍ය චෝදනා කරමින් සිංහල තරුණයන් පිරිසක් එම වෙළඳ සැලට කඩා වැදුණහ. තරුණ කණ්ඩායම අයිතිකරුවන්ට තර්ජනය කර වෙළඳ සැලට අලාභ හානි කළහ. වෙළෙඳ සැල්වලට අමතරව මුස්ලිම් පල්ලියකට ද ප්රචන්ඩකරුවෝ හානි සිදු කළහ.
මින් ඇරඹි මුස්ලිම්-විරෝධී ප්රචණ්ඩත්වය මාර්තු මස වන විට දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවලට පැතිර යන ලදී.
2018 මාර්තු 04 වැනි දින දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල මුස්ලිම් ජනතාව වෙත ප්රචණ්ඩත්වය සහ වෛරය විශාල වශයෙන් මුදා හරින ලදී. මුස්ලිම්වරුන්ට අයත් පල්ලි, කඩ සාප්පු, ව්‍යාපාරික ස්ථාන සහ වාහන මංකොල්ලකා, විනාශ කර සහ ගිනි තබන ලදී. දිගන ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයකුව ප්‍රචණ්ඩකාරී පිරිස්විසින් ඝාතනය කරන ලදී.
ප්රචණ්ඩ ක්‍රියාවලින් පසු කිහිප දෙනඅකු අත්අඩංගුවට ගන්නා ලදී. කෙසේ වෙතත්, අද වනතුරුත් අපරාධකරුවන් වගවීමට ලක් කිරීමේ කිසිදු ප්‍රගතියක් දක්නට නොමැත.
මේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයෙන් වසර ගණනකට පසු අප සිටින්නේ කොතැනද?
දිගන
