අපේ ඉල්ලීම තමයි හමුදාව අපේ ඉඩම් ආපසු අපිට දීලා මෙතැනින් අයින් වෙන්න ඕනේ කියන එක – යූ.ටී. සුවයිතා

U.T. Suwaitha

මෙහේ 69 දෙනෙකුගේ ඉඩම් හමුදාව බලෙන් අල්ලාගෙන ඉන්නවා. අපිව අපේ ඉඩම්වලින් එළවා දාපු දා සිට අපි ජීවත් වෙන්නේ මෙහේ. ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වෙන අපිට තියෙන ලොකුම ප්‍රශ්නය අලි ප්‍රශ්නය. අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ලොකු දුෂ්කරතා මැද. අලි නිසා රෑට වැඩ ඇරිලා ගෙදර එන්නවත්, ඇවිත් නිදාගන්නවත් බැහැ. දැන් අපි පොඩි පැල්පතක් හදාගෙන ඒක ඇතුළේ තමයි ජීවත් වෙන්නේ. මේ පැල්පතත් රෑට අලි කැඩුවා. ඉස්සර මේ පැත්තට අලි ආවේ නැහැ. කුණු කන්ද නිසා දැන් අලි එනවා. ඒ විතරක් නෙවෙයි මෙතැන හැමවෙලීම ගඳ ගහන නිසා කෑමක් උයාගෙන කන්නත් හරිම අමාරුයි.

මෙහේ ආරක්ෂිත වැසිකිළි පහසුකම් නැහැ. දිගටම තියෙන නඩු නිසා අපි ඛේදවාචක ගොඩකට මුහුණ දෙනවා.

අපේ ඉල්ලීම තමයි හමුදාව අපේ ඉඩම් ආපසු අපිට දීලා මෙතැනින් අයින් වෙන්න ඕනේ කියන එක. හමුදාව මෙතැනින් ගියොත් තමයි මිනිස්සුන්ට ආපහු ඇවිත් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු ආයේ පදිංචි වුණොත් තමයි මේ අලි ප්‍රශ්නය ඇතුළු අපේ ප්‍රශ්න විසඳෙන්නේ. මොකද හමුදාව ඉන්න පැත්තට අලි ගියාම හමුදාව උන්ව අපේ පැත්තට එළවනවා. මේ නිසා අපිට ජීවත් වෙන්න බැහැ. අපි තවමත් මෙතැන ජීවත් වන්නේ අපිට අපේ ඉඩම් ඕනේ නිසා.

යූ.ටී. සුවයිතා 
ආලිම් චේනෛ, අම්පාර

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *