මට මගේ ඉඩමට ඔප්පුවක් තිබුණත් එයාලා මගේ ඉඩම පැහැරගෙන තියෙනවා – රිෆා මොහමද් මුස්තාෆා 

Rifa Muhammad Musthafa -Samanthurai LG

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව තමන්ගේ ඉඩම් කොල්ලකෑම නිසා ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. හිඟුරාන සීනි කම්හල අපේ ජීවනෝපාය සහ අපේ ඉඩම් නීති විරෝධීව උදුරා ගෙන ඉඩම්වලින් අපිව බලහත්කාරයෙන් පන්නලා දැම්මා. ඊට අමතරව සීනි කම්හල ඒ ඉඩම් අයිති මිනිස්සුන්ව පන්නලා දාලා වෙනත් පළාත්වලින් සිංහල ජනතාව ගෙනල්ලා එයාලාව ඒ ඉඩම්වල උක් කම්කරුවෝ විදියට යෙදෙව්වා.


මුන්මාරි මුවන්ගල ප්‍රදේශයේ මගේ අක්කර දෙකහමාරක ඉඩම මේ සීනි කර්මාන්ත ශාලාව බලහත්කාරයෙන් පැහැරගත්තා. ඒ වගේම නුරෛචෝලෛ, වරුනන්තු වට්ටු වගේ තවත් ප්‍රදේශ රැසක මේ සීනි කම්හල ඉතාම නරක විදියට මිනිස්සුන්ගේ ඉඩම් අල්ලාගෙන ඉන්නවා. මට මගේ ඉඩමට ඔප්පුවක් තිබුණත් එයාලා මගේ ඉඩම පැහැරගෙන තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව තවමත් අත්විඳින්නේ අපිට අයිති ඉඩමක වෙනත් කෙනෙක් ව්‍යාපාර කරන භයානක තත්ත්වයක්. අනවසරයෙන් අල්ලාගත් ඉඩම ලබාගන්න ඉඩම් අහිමි වුණ අය හිඟුරාන සීනි කම්හලට කිහිප වතාවක්ම මේ සම්බන්ධයෙන් කතා කළා. හැබැයි සීනි කම්හලේ නියෝජිතයෝ හැසිරුණේ ඉතාම නරක විදියට. එයාලා මිනිස්සුන්ට දරුණු විදියට පහර දුන්නා. මේ සම්බන්ධයෙන් රජයට ඉල්ලීම් සහ විරෝධතා ඉදිරිපත් කළාට පලක් නැහැ.

රිෆා මොහමද් මුස්තාෆා 
සමන්තුරෛ

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *