අපිට මේ අයුක්තියට නිශ්ශබ්දව ඉන්න  වෙලා තියෙනවා – ඒ.එම්.මිස්බාකු

A. M. Misbaku - Aalim Chenai, Ampara LG

හමුදාව එනකොට මේ ප්‍රදේශයේ ගෙවල් 34ක් තිබුණා. හමුදාව කිව්වේ එයාලා ඉන්නේ තාවකාලිකව කියලා. නමුත් එයාලා දිගටම ස්ථිරව නැවතුණා. 2011.11.08 මිනිස්සු උද්ඝෝෂණයක් කළා. උද්ඝෝෂණයෙන් පස්සේ හමුදා සෙබළුන් දෙන්නෙක්ව හැමෝම හිටිය හට් එක ළඟට දැම්මා. හමුදාව ආවාට පස්සේ මේ පැත්තේ පවුල් නවයක් හිරකාරයෝ වගේ වුණා. අනිත් හැමෝම එළවනකොට මෙතැනින් ගියා. මිනිස්සුන්ගේ විරෝධයෙන් පස්සේ සහ අධිකරණ තීන්දුවකින් 2019.01.15 අක්කර 39ක ඉඩම් නිදහස් කළා. ප්‍රාදේශීය ලේකම්වරයා කියන විදියට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 130ක් තියෙනවා. හමුදාව ඉඩම් ඔක්කොම තමන්ගේ යටතට අරගෙන අක්කර 59ක් තියාගෙන නිදහස් කළේ අක්කර 39ක් විතරයි.

නමුත් වනජීවී දෙපාර්තමේන්තුව දිගින් දිගටම නඩු පවරන හින්දා මිනිස්සුන්ට නිදහස් කරපු ඉඩම්වත් පාවිච්චි කරන්න විදියක් නැහැ. මෙතැනින් ගිය මිනිස්සුන්ට ආයේ ඇවිත් පදිංචි වෙන්න විදියක් නැහැ. එහෙම කළොත් වනජීවී නිලධාරීන් එයාලාට විරුද්ධව නඩු දානවා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි ප්‍රාදේශීය ලේකම්තුමිය ළඟට ගියාම එයාලා අපිට වනජීවී බලධාරීන් ඉඩම ලබාගන්න නිකුත් කරපු ලියුමක් දුන්නා. ලියුම් ලැබුණට අපේ ඉඩම දීලා අපි කොහේ යන්නද? වනජීවී දෙපාර්තුමේන්තුව අධිකරණයේ නඩු දාලා තිබුණට මේ ඉඩම්වලට අයිතිවාසිකම් කියන්න එයාලා ළඟ කිසිම සාක්ෂියක් නැහැ. 

දැනට එක් කොටසක හමුදා සෙබළු ඉන්නවා, අනිත් කොටසේ අපි ඉන්නවා. අපි උද්ඝෝෂණ කළාම අපිව අත්අඩංගුවට අරන් හිරේ දැම්මා. අපිට මේ අයුක්තියට නිශ්ශබ්දව ඉන්න  වෙලා තියෙනවා. අවුරුදු අටකට වැඩි කාලයක් අපේ ජීවනෝපාය සම්පූර්ණයෙන්ම නැවතුණා. අපේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. අපි ජීවත් වෙන්නේ ගොඩක් දුෂ්කරතා මැද. අපේ ඉඩම් ආයේ අපිට දෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම.

ඒ.එම්.මිස්බාකු 
ආලිම් චේනෛ, අම්පාර

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *