අපිට හිටියේ පුතායි, දුවයි. පුතාගේ නම මනෝකෝවානන්දන් රේගන් එතකොට පුතාට වයස අවුරුදු 21යි. මඩු පල්ලියට ගිහින් එන්න තමයි ගෙදරින් පිටත් වුණේ. අපි කවුරුත් පුතා එක්ක ගියේ නැහැ. වෙනදත් යාළුවෝ එක්ක ගිහින් එනවා. එදා පුතා පල්ලියේ ඉන්න වෙලාවේ ඇඳිරි නීතිය දාලා පාරවල් වහලා තියෙනවා. පුතා පල්ලියේ තමයි ඒ වෙනකොටත් ඉඳලා තියෙන්නේ. අහපු හැමෝම වගේ ම කිව්වා පුතා මාසයක් විතර පල්ලියේ නැවතිලා හිටියා කියලා. පියතුමත් දැකලා තියෙනවා පුතා පල්ලියේ ඉන්නවා. 2006.08.03 වෙනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඇඳිරි නීතිය අයින් කළාට පස්සේ මගේ දරුවා ආයෙත් ගෙදර එන්න ඇවිත් තියෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් එන්න දුන්නත් එතැනින් පස්සේ තිබුණු හමුදා කඳවුරෙන් හැඳුනුම්පත් බලනකොට පුතා ළඟ හැඳුනුම්පත තිබිලා නැති නිසා පුතාව අත් අඩංගුවට අර ගත්තා කියල දැකපු අය කිව්වා. අපි පුතාව හොයන්න ඒ කඳවුරට ගිහින් බැලුවා. ඒත් එහෙම කෙනෙක් එහේ නැහැ කියලා හමුදාවෙන් අපිට කිව්වා. මට හොඳටම විශ්වාසයි මගේ දරුවා තවම ඉන්නවා කියලා.
මනෝකෝවානන්දන්
උයිලාංකුලම්, මන්නාරම
