කවදහරි මගේ ඇස් පියවෙන්න කලින් මගේ දරුවාව ආයෙත් දකින්න ලැබෙන්න කියලා තමයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ – බාලේන්ද්‍රන් ජෙයකුමාරි
මට හිටියේ පුතාලා තුන්දෙනයි දුවයි. මහත්තයායි ලොකු පුතාලා දෙන්නයි යුද්දේ නිසා මැරුණා. 2009 අවුරුද්ද වෙද්දී පොඩි පුතා සාමාන්‍ය පෙළ ඉවර වෙලා ගෙදර හිටියේ. ගෙදර වියදම සැර නිසා පොඩි පුතා ගෙදරින් ගියේ මොකක්හරි රස්සාවක් හොයාගන්න හිතාගෙන. එහෙම ගියපු මගේ දරුවා අද වෙනකම් ගෙදර ආවේ නෑ. පාරවල් පාරවල් ගානේ ඇවිද ඇවිද මං මගේ දරුවාව හෙව්වා. එතකොට සමහරු…
