මේ අපේ අම්මයි තාත්තයි අපිට දීලා ගිය තැන. මම උස් මහත් වුණ තැනක මේක. මම පසුගිය අවුරුදු 60 පුරාම ජීවත් වුණේ මෙතැන. අපේ අසල්වැසියන්ට අපිත් එක්ක පදිංචි වෙන්න විද්යක් නැහැ. මොකද හමුදාව එයාලාගේ ඉඩම් අත්පත් කරගෙන ඉන්නේ. හමුදාව නිතරම අපි දිහා ඇහැ ගහගෙන ඉන්නේ. මේ වෙලාවේ කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයක අපි ඉන්නේ.
ජීවනෝපායක් කරගන්න එක ගොඩක් දුෂ්කරයි. මූලික පහසුකම් මුකුත් නැහැ. අලි ප්‍රශ්නය නිසා අපිට වගාවල් කරන්න බැහැ. අපි ආරක්ෂා වෙන්න මොන දේවල් කළත් අලි ඇවිත් අපිට පහර දෙනවා. අපිට වෙන යන්න තැනක් නැහැ. මොනවා වුනත් අපිට ජීවත් වෙන්න වෙන්නේ මෙතැන. මොකද මේ අපේ ඉඩම.
කදීජා
ආලිම් චේනෛ, අම්පාර
