මලෛයහ දෙමළ මිනිස්සුන්ට ශ්‍රී ලංකාවේ අවුරුදු 200ක ඉතිහාසයක් තියෙනවා කියලා හරි ආඩම්බරයෙන් කියනවා. ඒ වුණාට මේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දාහතරක් තිබුණත් තාමත් අපිට තියෙන්නේ අඩි හතරේ කාමර වගේ ගෙවල්. මේ ලයින් ගෙවල්වල අපි තවමත් ජීවත් වන්නේ හරි සනීපාරක්‍ෂාවක් අධ්‍යාපනික පහසුකම් නැතුව, ආර්ථික ප්‍රශ්න දුප්පත්කම එක්ක, අවස්ථා නැතිකම, ළමා අපචාර, ළමා ශ්‍රමිකයෝ, මත්ද්‍රව්‍ය වගේ එක එක දුක් පීඩාවලට ලක් වුණ සමාජයක් විදියට.
අපි තවමත් ජීවත් වන්නේ මනුස්සයෙක් මැරුණහම එයාව භූමදාන කරන්න ඉඩමක් නැති සමාජයක කියලා දන්න මලෛයහ දෙමළ තරුණයෙක් විදියට දැන් මට හොඳටම එපා වෙලා තියෙන්නේ. විශ්වාස කරන්න බැරි දේශපාලකයෝ නිසා අපි විනාශ වෙලා. මූලික අවශ්‍යතා හෝ වෙන්න ඕනේ මූලික වෙනස්කම් මොනවාද කියලා අපේ නායකයෝ දන්නේවත් නැහැ. හැමවෙලේම අවසාන ප්‍රතිඵලය බලාපොරොත්තු කඩ වෙන එක විතරයි.
අපේ වැඩිහිටියෝ, මුතුන් මිත්තෝ ඡන්ද කාලෙට ඇවිත් ඒත් අන්තිමට අපිට ලිපිනයක්වත් නොදී අතුරුදන් වුණ දේශපාලනඥයන්ව විශ්වාස කරපු එක කණගාටුදායකයි. මෙහේ කවුරුහරි මැරුණොත් වත්තේතේ පැළ අයින් කරලා අඩි 6ක් ගැඹුරු වළක් කපන්න කළමනාකරුගෙන් නිසි අවසරයක් ගන්න ඕන. අපි අපේම උත්සාහයෙන් ගෙයක් හදාගත්තත්, වැසිකිළියක් හදන්න ගේ අලුත්වැඩියා කරන්න අවසර ගන්න ඕන. සමහර වෙලාවට අවසර ලැබුණත් අපිට මෙය් ගෙවල්වල අයිතියක් නැහැ. මේ විදියට, කියාගන්න බැරි තරම් දුක්ඛිත තත්වයක් දිගටම තියෙනවා.
දිනේෂ් කුමාර්
ගම්පහවත්ත, උඩුපුස්සැල්ලාව


