මේ බලන්න මට මාසෙකට ලැබෙන්නේ කීයද කියලා රු. 2200 යි. අපේ කරන්ට් බිල 1200 යි – රවීන්ද්‍රන්

Ravindran MTC

අපේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. මගේ බිරිඳ වත්තේ වැඩට යනවා. මම මෙහෙ පෞද්ගලික එළවළු වත්තක වැඩට යනවා. ආදායමක් කියලා තියෙන්නේ දවසේ වැඩ කුලිය විතරයි. මගේ බිරිඳට රුපියල් 1500ක් ලැබෙනවා, ඒකෙන් රුපියල් 500ක් බස් එකට යනවා. ගෙදරට ඉතුරු රුපියල් 1000 යි. මේ බලන්න මට මාසෙකට ලැබෙන්නේ කීයද කියලා. රු. 2200 යි. අපේ කරන්ට් බිල 1200 යි. අපි ජීවත් වන්නේ කොහොමද කියලා හිතාගන්න පුළුවන්ද?

මෙහේ හැමදේම ප්‍රශ්නයක්. මූලික වෛද්‍ය පහසුකම් ලබා ගන්නත් අපි ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. මේ වත්තේ හරිහමන් පාරක්, ඉස්පිරිතාලයක්, දොස්තර කෙනෙක් නැහැ. මිඩ් වයිෆ් හමු වෙන්නත් කන්ද මුදුනේ තියෙන කාර්යාලයට යන්න ඕනේ. එතැනට ගියත් අපේ වැඩේ කරගන්න දෙකට නැමිලා කන්නලව් කරන්න ඕනේ. ෆාමසිය දැන් වහලා. ඒක දැන් නැහැ. ගැබිණි අම්මලාත් සෞඛ්‍ය මධ්‍යස්ථානයට යන්න කිලෝමීටර් 5ක් පයින් යන්න ඕනේ. 

අපි ඉන්න ගෙදරට ඔප්පුවක් නැහැ. හෙට මේ තැනින් යන්න කිව්වොත් අපිට යන්න වෙනවා. කිසිම සහතිකයක් නැහැ. අපි හැමෝම පරම්පරා ගණනාවක් තිස්සේ මේ විදියට ජීවත් වෙනවා. මේ කොට්ඨාසයේ මිනිස්සු 4500ක් ඉන්නවා. දේශපාලකයෝ මෙහෙට එන්නේ මැතිවරණ කාලෙට විතරයි. පාරවල් ටිකක් කොන්ක්‍රීට් කරලා යයි. ආයේ එන්නේ කෝවිලේ විශේෂ වැඩසටහනක් තිබ්බොත් විතරයි. එයාලා අපි වෙනුවෙන් මෙච්චර ගෙවල් ගාණක් වෙන් කළා කියලා කියලා, කොඩි වනලා, පස්සේ කිසිම හෝඩුවාවක් නැතිව අතුරුදහන් වෙලා යනවා.

රවීන්ද්‍රන් 
ගම්පහ වත්ත, උඩුපුස්සැල්ලාව

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *