අපිටම කියලා වෙනම ලිපින නැති නිසා අපිට ලැබෙන ලියුම් එන්නේ වත්තේ නමට. ස්ථිර ලිපිනයක් නැති නිසා මිනිසුන්ට විශ්වවිද්‍යාල අවස්ථා, රැකියා අවස්ථා වගේ දේවල් අහිමි වෙලා තියෙනවා. අපේ ළමයින්ට ඉස්කෝලවලින් එවන ලියුම් අපිට ගන්න බැරි එක අපිට ලොකු ප්‍රශ්නයක්. අනිත් ලියකියවිලිවලටත් අපේම ලිපිනයක් නැති එක ලොකු ගැටළුවක්. ඔක්කොම ලියුම් වත්තේ නම යටතේ එන නිසා ලියුම් අපිට එන්න ලොකු කාලයක් ගත වෙනවා. අපිට තියෙන ලොකුම අවශ්‍යතාවය අපේ වැටුප. අපේ ළමයින්ට උගන්වන්න, අපේ එදිනෙදා උවමනා ඉටු කරගන්න ප්‍රමාණවත් මුදලක් ලැබෙන්නේ නැහැ. හරියට ඔප්පුවක් තියෙන, ලිපිනයක් තියෙන අපේම ගෙදරක් තිබුණොත් අපේ ජීවිතේ තියෙන ලොකුම ප්රශ්නය විසඳෙනවා.
ශාන්ති
කොන්කොඩි වතු යාය, කඳපොල
