දවසකට තේ දළු කිලෝ 22ක් කැඩුවොත් තමයි අපිට දවසේ පඩිය රුපියල් 1000ක් ලැබෙන්නේ – මහේන්තිරන්

Magendhiran Ayari Estate, Ramboda

ඉන්දියානු – ශ්‍රී ලංකා තාවකාලික පුරවැසිභාවය ලැබුණේ මගේ අප්පාගේ කාලයේ. මම වතුකරයේ තේ දළු කැඩුවා. සාමාන්‍ය කොටස් සහතිකය අපිට දුන්නේ 1997 දී. මේ ලියවිල්ල අපි වතුකරයේ වැඩ කළ බවට සාක්ෂියක්. අපිට ඉඩම් අයිතිය නැහැ. අපිට ඉඩම් අයිතිය තිබුණා නම් මේ ගෙදර හදාගන්න පුළුවන්. ඉඩම් අයිති පෞද්ගලික සමාගම්වලට. එයාලා ඉඩම් ආපහු ගත්තොත් අපිට යන්න තැනක් නැහැ. 

මේවා අඩි දහය දහයේ ලැයිම් ගෙවල්. අපේ පවුලේ 10 දෙනාම ඉන්නේ එක ගෙදරක. මගේ බිරිඳ වත්තේ වැඩ කරලා ලැබෙන ආදායම මදි නිසා දැන් අවුරුදු 5ක් තිස්සේ පිටරටක රස්සාවක් කරනවා. අපිට ලැබෙන්නේ ගොඩක් අඩු ආදායමක්. මේ වෙනකොට රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය නිසා ජීවන වියදම ගොඩක් ඉහළයි. දවසකට තේ දළු කිලෝ 22ක් කැඩුවොත් තමයි අපිට දවසේ පඩිය රුපියල් 1000ක් ලැබෙන්නේ. කාලෙන් කාලෙට තේ දළු ප්‍රමාණය වෙනස් වෙනවා. අපේ ප්‍රශ්න කියන්න අපිට මෙහේ කවුරුත් නැහැ.


මහේන්තිරන් 
අයාරි වත්ත, රම්බොඩ

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *