අපිට පඩි ලැබෙන්නේ අපි වැඩට යන දවසට විතරයි. රුපියල් 1000ක් ලැබෙන්නේ දවසකට අනිවාර්යෙන් තේ දළු කිලෝ 20ක් කඩන්න ඕන. අපි කිලෝ 20ට අඩුවෙන් කැඩුවොත් අපිට ලැබෙන්නේ රුපියල් 500 යි. දවස් 22ක් වැඩ කළොත් මාසෙකට රු. 14,000 ක් ලැබෙනවා. අපි කිලෝග්රෑම් 20 ට වඩා වැඩිය කැඩුවොත්, අමතර කිලෝ එකකට රුපියල් 40 ගාණේ දෙනවා. තේ දළු නැති කාලෙට කිලෝග්රෑම් 18ක් අනිවාර්යයෙන් කඩන්න ඕනේ.
ළමයි 3 දෙනෙකුට උගන්නන්න තියෙන නිසා වත්තේන් ලැබෙන පඩිය මදි. ඉස්සර මාසෙට දවස් 22ක් වැඩ කළොත් පඩියක් දුන්නා. නමුත් දැන් ඒක වෙනස් කරලා. අපිට නෙළන තේ දළු කිලෝ ප්රමාණය අනුව දවසකට පඩියක් ලැබෙන්නේ. අපි අපිටම කියලා ගෙවල් ඉල්ලුවා. දැන් අපි ජීවත් වෙන්නේ කුලී ගෙදරක. මෙහේ කවුරුහරි මැරුණොත් මිනී පෙට්ටියට සල්ලි දෙන්නේත් අපේ මාසේ පඩියෙන් අඩු කර ගන්න සල්ලිවලින්.
තිරුචෙල්වි
කඳපොළ
