අපි හිටිය ලයින් ගෙවල් ජීවත් වෙන්න බැරි තත්වයට අබලන් වෙලා තිබුණ නිසා අලුත් ගෙවල් හදනවා කියලා වතු පාලකවරු කිව්වා. ඒ ගෙවල් හදන්න පටන් ගත්තේ 2018. හදපු ගෙවලුත් හරියට හදලා ඉවර නැහැ. අඩුපාඩු ගොඩක් තියෙනවා. මේ ගෙවල් හැදුවට අපිට මේ ඉඩම් අයිති නැහැ. අපිට මේවයේ ඔප්පු දීලා නැහැ. මේ ළඟදි මෙහේ වැසිකිළි පහසුකම් නැති නිසා වයසක තාත්තා කෙනෙක් එයාගේ දුවව වෙන පැත්තකට අරගෙන ගියා. අපි වතු කළමනාකාරීත්වයෙන් ප්රශ්න අහන්න බයයි. අපි කන තැන, ඒ කියන්නේ ගස් යට හරි පාරවල්වල හරි තමයි අපි තේ දළු කිරන්නේ. මම මගේ දරුවන්ව තේ දළු කිරන තැන තියලා වැඩ කරන අතරේ දුවලා එනවා එයාලට කිරි දීලා යන්න. දවසට තේ දළු කිලෝ 18-20ක් කැඩුවොත් තමයි රුපියල් 1000ක් ලැබෙන්නේ.
ධනලක්ෂ්මි
නෝනාතෝටම්
