රටේ අනිත් මිනිස්සුන්ට වගේ අපිට අපේ කියලා අනන්‍යතාවයක් නැහැ. අපිව හඳුන්වන්නේ ඉන්දියානු දෙමළ කියලා. ඒ වුණාට අපි අපිව හඳුනගන්නේ මලෛයහ (කඳුකර) දෙමළ ජනතාව විදියට. මේ රටට වැඩිම ආදායමක් ගේන තේ වවන්නේ අපි. ඒත් වැටුම විදියට අපිට සාධාරණ මුදලයක් ගෙවන්නේ නැහැ. තව වෙනතුරු අපිට ස්ථිර ලිපින නැහැ. අපිට ඕනේ විදියට තීරණ අරගෙන අපේම ඉඩමක ගෙවල් හදාගන්න අපිට අයිතියක් නැහැ. වතුකරය තනිකරම පාලනය කරන්නේ රජය සහ වතු සමාගම්.
දැන් ඉන්න තරුණ ළමයි කැමති වෙනත් ස්වයං-රැකියා කරන්න. ඉහළට ඉගෙනගත්තා කියලා රැකියා අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වයං රැකියා කරලා තමන්ට කියලා මොනවා හරි කරගන්න පුළුවන් කියලා අතර බලාපොරොත්තුවක් තිබෙනවා. මේ නිසා අපේ ළමයි වතුවල වැඩ නොකරන නිසා වත්තේ අපිට ඉන්න ගෙයක් නැහැ. අපිට අපි ඉන්න ඉඩමේ ඔප්පුවක් තියෙනවා නම් අපේ ළමයි වතුවල වැඩ නොකළත් දැන් අපි ඉන්න ගෙදරින් යන්න ඕන නැහැ.
අපිටත් ඡන්ද අයිතිය තියෙන නිසා අපිත් මේ රටේ පුරවැසියෝ කියලා සළකනවා. මේ රටේ අනිත් පුරවැසියන්ට ගෙවල්වලට ලිපින තියෙනවා නම් අපිට ගෙවල් වත් ලිපින වත් නැත්තේ ඇයි ? අපිට දවසකට පඩිය විදියකට ලැබෙන්නේ රුපියල් 900 යි. ඒකෙන් හතරෙන් එකක් වෘත්තීය සමිතියට ගෙවනවා, ඉතිරි වෙන ගාණ අපේ එදිනෙදා වියදම්වලට මදි.
තංගවේල් චිත්‍රවේල්
ඩ්‍රේටන් වතු යාය, කඳපොළ
