ඉස්කෝලේ වියදම් කරන්න බැරි නිසා පොඩි පුතා රස්සාවට යන්නේ – එස්. නාගලොගිනි

S. naga logini mtc

මේ පැල්පතට එන්න කලින් අපි හිටියේ ලයින් ගෙවල්වල. එහේ කිසිම පහසුකමක් තිබුණේ නැහැ. අපි ඒ හිටියත් කුලියට. කරන්ට් එකවත් වැසිකිළි පහසුකම් වත් තිබුණේ නැහැ. මෙතැනත් අයිති වත්තට. කළින් මෙතැන වෙන කෙනෙක් හිටියේ. අපි එයාට සල්ලි දීලා මෙතැන ගත්තා. අපි ළඟ ලියුමක් තියෙනවා. ඔප්පුවක් නැහැ.

මමයි මහත්තයායි දෙන්නම වැඩ කරන්නේ වත්තේ. අපි අවුරුදු 4 ක් තිස්සේ මේ වත්තේ වැඩ කරනවා. අපිට වත්තේ ගෙයක් දුන්නේ නැහැ. අපිට දුවෙකුයි පුත්තු දෙන්නෙකුයි ඉන්නවා. අපේ පුතාලාත් වත්තේ වැඩ කරනවා. ඉස්කෝලේ යන්නේ දුව විතරයි. එක පුතෙක්ට සනීප නැහැ, ඒත් එයා රස්සාවට යනවා. ඉස්කෝලේ වියදම් කරන්න බැරි නිසා පොඩි පුතා රස්සාවට යන්නේ.

එස්. නාගලොගිනි 
ගම්පහ වත්ත, උඩපුස්සැල්ලාව

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *