අපිට තාවකාලික පුරවැසි සහතිකයක් දුන්නා. අපිට නිවාස අයිතිය, ඉඩම් අයිතිය, පුරවැසි අයිතිය නැහැ. අපිට නිවාස අයිතිය දුන්නා නම් අපිට ලිපිනයක්, ගෙදරට අංකයක් තියෙයි. අපිට තවම අපේම ලිපිනයක් නැහැ. අපිට එන ලියුම් යන්නේ වතු පරිපාලන කාර්යාලයට. හැමදේම තියෙන්නේ අපේ රටේ පාලකයන් අතේ. එයාලාට ඕන නම් අපේ පඩිය වැඩි කරන්න පුළුවන්.
වතුකරය පෞද්ගලීකරණය කළාට පස්සේ සෞඛ්ය සේවය ක්රියාත්මක වෙන්නේ පෞද්ගලික සමාගම් හරහා. ඒවා හොඳ සෞඛ්ය සේවයක් සපයන්නේ නැහැ. එළියට ගිහින් වැඩ කරන අය ඕන තරම් ඉන්නවා. සුබසාධන සේවා ලැබෙන්නේත් සල්ලි තියෙන අයට ව් ඉතරයි නම්, අනෙක් මිනිස්සු මොනවා කරන්නද? දැන් දවස් 3කට වඩා ලෙඩ නිවාඩු ගත්තොත් ගෑණු අයව රස්සාවෙන් අයින් කරනවා.
අපිව වහල්ලු විදියට තියාගන්න ඕන නිසා පාලකයෝ මලෛයහ දෙමළ ජනතාව ගැන කතා කරන්නේ නැහැ. අපි අපේම රටේ වහල් ජීවිතයක් ගත කරනවා.
සිවසුබ්රමනියම්
අයාරි වතු යාය, රම්බොඩ
