මට හොඳටම විශ්වාසයි මගේ දරුවා තවම ඉන්නවා කියලා – මනෝකෝවානන්දන්
අපිට හිටියේ පුතායි, දුවයි. පුතාගේ නම මනෝකෝවානන්දන් රේගන් එතකොට පුතාට වයස අවුරුදු 21යි. මඩු පල්ලියට ගිහින් එන්න තමයි ගෙදරින් පිටත් වුණේ. අපි කවුරුත් පුතා එක්ක ගියේ නැහැ. වෙනදත් යාළුවෝ එක්ක ගිහින් එනවා. එදා පුතා පල්ලියේ ඉන්න වෙලාවේ ඇඳිරි නීතිය දාලා පාරවල් වහලා තියෙනවා. පුතා පල්ලියේ තමයි ඒ වෙනකොටත් ඉඳලා තියෙන්නේ. අහපු හැමෝම වගේ ම කිව්වා…
