අපේ ඉල්ලීම තමයි හමුදාව අපේ ඉඩම් ආපසු අපිට දීලා මෙතැනින් අයින් වෙන්න ඕනේ කියන එක – යූ.ටී. සුවයිතා
මෙහේ 69 දෙනෙකුගේ ඉඩම් හමුදාව බලෙන් අල්ලාගෙන ඉන්නවා. අපිව අපේ ඉඩම්වලින් එළවා දාපු දා සිට අපි ජීවත් වෙන්නේ මෙහේ. ප්රශ්න ගොඩක් මැද ජීවත් වෙන අපිට තියෙන ලොකුම ප්රශ්නය අලි ප්රශ්නය. අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ලොකු දුෂ්කරතා මැද. අලි නිසා රෑට වැඩ ඇරිලා ගෙදර එන්නවත්, ඇවිත් නිදාගන්නවත් බැහැ. දැන් අපි පොඩි පැල්පතක් හදාගෙන ඒක…
